Wednesday, October 17, 2018

උඩරට නැටුම


උඩරට නැටුම් යනු ලක්දිව මධ්‍යම කදුකර ප්‍රදේශයේ ආරම්භ වූ නැටුම් සම්ප්‍රදායකි. සිංහල නැටුම් සම්ප්‍රදායන් අතරින් එක් ප්‍රධාන සම්ප්‍රදායකි. මේ වන විට මෙය ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම සිංහල ජනතාව අතරත් පුළුල් ව පැතිරී ඇත. 19වන සියවසේ අග දක්වාම පිරිමින්ට පමණක් සීමාවූ නැටුමකි. වර්තමානයේ කාන්තා උඩරට නැටුම් ද පුළුල් ව පැතිරී ඇත


ප්‍රචලිත ප්‍රදේශ.........

ඉතිහාසය.........
පුරාවෘත්තීන්ට අනුව එකල රජකම් කළ රජු සිහිනයකදී අඳුන් දිවියෙක් තමාගේ ඇඟට පනිනු දැක ඇත. එකල පැවති විශ්වාසයට අනුව, එම සිහිනය කුවේණියගේ ශාපය තමාමත පතිත වීමක් යැයි සැලකූ රජු ඉන් දරුණු ලෙස රෝගාතුර විය. මෙම රෝගය සුව කිරීම පිණිස රජු විසින් කළ ඉල්ලීමකට අනුව යැකැදුරන් පිරිසක් ඉන්දියාවේ සිට ලංකාවට පැමිණි අතර ඉන් පසු රජුහට කොහොඹා කංකාරිය නම් වූ ශාන්ති කර්මය සිදු කරන ලදී. මෙයින් රජු සම්පූර්ණ සුවය ලැබූ බවත්, දැනට පවතින උඩරට සාම්ප්‍රදායික නැටුම් කලාවේ මූලාරම්භය මෙය බවත් ඉතිහාසයේ සඳහන් වේ.
මෙම නැටුම් සම්ප්‍රදායට ලාංකීය අන්‍යන්‍යතාවයක්ද එක් කොට ගනිමින් ඒ හා සම්බන්ධ වූ විශේෂ කුලයක් උඩරට රාජධානිය තුළ බිහි වූ අතර ඔවුහු දළදා වහන්සේට තේමාවන් පවත්වන කුලයේම විශේෂයේම කොටසක් වූහ. එමෙන්ම මොවුහු දළදා පෙරහැරේ ප්‍රධාන නැට්ටුවන් කොටසක් වශයෙන් ද පිළිගැනීමට ලක්වූහ.
බ්‍රිතාන්‍යයන්ගේ උඩරට ආක්‍රමණයත් සමග උඩරට රාජධානිය බිඳ වැටුණු අතර මෙම සාම්ප්‍රදායික නැටුම් කලාවද ඒ හා සමගාමීව අභාවයට පත් විය. නිදහස ලැබිමත් සමග මෙම සුවිශේෂී කලාවේ ශේෂයන් තුළින් නැවතත් උඩරට සාම්ප්‍රදාය පණ ගැණුනු අතර අදටත් ලාංකීය සමාජයේ සාම්ප්‍රදායික නැටුම් වර්ග උඩරට නැටුම් කලාව දැකගත හැක.

පුරාවෘත්තයන්ට අනුව, උඩරට නර්තනය ශ්‍රී ලංකාවේ මුලින්ම ආරම්භ වූයේ මෙරටට පැමිණි ඉන්දියානු යකැදුරන් පිරිසක් විසින් පවත්වන ලද කොහොඹා කංකාරිය නම් වූ ශාන්තිකර්මයක් මගින් යැයි විශ්වාස කෙරේ.
පුරාවෘත්තයන්ට අනුව, ඉන්දියානු යකැදුරන් මෙරටට පැමිණියේ කුවේණිය විසින් විජය රජුට සිදුකල දිවි දෝෂය ඔහුගෙන් පසු පඬුවස් දෙව් රජුට වැළඳී ඔහු අසාද්‍ය වූ පසු ඔහු සුව කිරීමටය. රජු යකැදුරන්ට පැවසුවේ දිවියෙක් තමාට පහර දෙනු නිතර නිතරම සිහිනෙන් පෙනෙන අතර එය තමාට මහත් පීඩාවක් බවයි. එය විජය රජුගේ පලමු බිසව වූ කුවේනියගේ ඉන්ද්‍රජාලික මායාවක් නිසා ඇති වූවක් බව විශ්වාස කෙරිණි. කොහොඹා කංකාරිය නම් වූ ශාන්තිකර්මය පැවැත්වීමෙන් පසු රෝගය සම්පූර්ණයෙන්ම සුව වූ අතර එය බෙහෝ ස්වදේශිකයන්ගේ අවධානයට ලක් විය.
මෙය මූලිකව ඉදිරිපත් කරන ලද්දේ උඩරට රාජ්‍ය ක්‍රමය විසින් නම් කරන ලද විරල කුලයක නැට්ටුවන් විසිනි. මොවුහු ශ්‍රී දළදා මාලිගාවේ රැකියාවන්ට අනුයුක්තව රාජකාරි කල අතර වාර්ෂිකව පවත්වනු ලබන ශ්‍රී දළදා පෙරහැරේදී සුවිශේෂී මෙහෙයක් ඉටු කළහ.
උඩරට රජවරුන්ගේ අනුබලය යටතේ පැවත ආ මෙම සාම්ප්‍රදායික නැටුම් ක්‍රමයේ ජනප්‍රියත්වය බ්‍රිතාන්‍ය පාලන සමයත් සමග තරමක් දුරට හීන විය. වර්තමානයේදී එය නැවත උද්‍යෝගිමත් වී වේදිකාවට ගැලපෙන ලෙස හැඩගස්වා ඇති අතර ශ්‍රී ලංකාවේ මූලික සංස්කෘතික අංගයක් ලෙස කැපී පෙනෙයි.

වෙස් නැටුම්

උඩරට වෙස් නර්තනය ශ්‍රි ලංකාවේ ඉතාමත් වැදගත් සංස්කෘතික අංගයකි. එය ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය සංකේතවත් කරන ඉතාමත් වැදගත් සංස්කෘතික අංගයකි. වෙස් නර්තන කලාවේ එන ඉතාමත් වැදගත් නර්තන අංගයකි කොහොඹා කංකාරිය. මහා සම්මත රජ දවස ඔහුගේ විවාහය නිමිත්තෙන් මෙම වෙස් නර්තනය මුලින්ම නර්තනය කල බව පතපොතේ සඳහන් වේ.
වෙස් නර්තන ශිල්පියෙකුගේ ඇඳුම් කට්ටලය දෙවිවරු විසිහතර දෙනෙකුගේ ඇඳුම් ආයිත්තම් වලින් සකස් වුවක් බව නර්තන කලාවේ සඳහන් වේ. එම නිසා නර්තන ශිල්පින් ඉමහත් ගෞරවයෙන් මෙම වෙස් ඇඳුම් කට්ටලය භාවිතා කරයි. නුවර ඇසල පෙරහැරේ ඉතාමත් විචිත්‍රවත් නර්තන අංගයක් ලෙස ද මෙම වෙස් නර්තන අංගයන් හැඳින්විය හැක. එය ඇසල පෙරහැරේ අනිවාර්ය අංගයකි.
වෙස් නැට්ටුවන් හට දළදා පෙරහැරෙහි කංකාරි දෙවොල් සීමාවෙන් පිටතදී නැටුම් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබුණේ 19 වන සියවසෙහි අග භාගයේ සිටය. විචිත්‍ර වෙස් ඇදුමෙන් සැරසුණු වත්මන් වෙස් නැ‍ට්ටුවා උඩරට නර්තනයේ ප්‍රතිමූර්තියක් බදුය.

 

 

 

 

 

 

 

 

 

No comments:

Post a Comment

වන්නම්

වන්නම්  යනු එක් එක් අප්‍රාණික හා සප්‍රාණික වස්තූන් පිළිබඳ වර්ණනා අන්තර්ගතවන මාතෘකාවට අදාල තාලයකිව් ගායනා කරන ගායනා විශේෂයකි. පසු කලෙ...