Wednesday, October 17, 2018

කොහොඹා කංකාරිය

කොහොඹා කංකාරිය කොහොඹ දෙවියන් වෙනුවෙන් පවත්වනු ලබන  සංකීර්ණ වූත් චිත්තාකර්ශනීය වුත්  යාතුකර්මයකි . සතර  කෝරළය, සත් කෝරළය ,උඩුනුවර ,යටිනුවර, හොවාහැට, පාතදුම්බර, හාරිස්පත්තුව දේශයන්හි මෙම යාතු කර්මය පවත්වනු ලබති. නියඟයක් අපල උපද්‍රවයක් වළක්වනු පිණිස ගමට සෙත් පතා පවත්වන ලබන්නකිකොහොඔ කංකාරිය2.jpg



කොහොඹා කංකාරිය උපතට තුඩු දුන් පුවත මෙසේය. විජය රජු කුවේණිය දුන් පොරොන්දු කඩ කොට දරු දෙන්නා සමග ඔවුන් පලවා හැරීම් නිසා කුවේණිය විසින් රජුට ශාප කරන ලදී. මෙම සාපය පඩුවස්දෙව් රජුට බලපා ඇති බවත් ඉන් පඩුවස්දෙව් රජු රෝගාතුර වූ බවත් කියැවේ. මේ බව දැනගත් සක්දෙව් රජු මෙය සුව කළ හැක්කේ මලය රජුට පමණක් බව දැන ගත්තේය. මලය රජතුමා ගෙන්වා ගැනීමේ කාර්යය ඊශ්වර ට භාර දෙන ලදී සක්දෙව් රජුගේ නියෝගය පිළිගත් ඊශ්වර මලය රජු ගෙන්වීමට  උපක්‍රමයක් යොදන ලෙස  රාහු අසුරේන්ද්‍රට පවරන ලදී. උරු වෙසක් මවා ගත්තත රාහු අසුරේන්ද්‍රයා මලය රජුගේ මඟුල් උයන පරික්ෂා කරන්නට විය. උයන්පල්ලා මේ පිලිපන්දව මලය රජුට  සැළකර සිටි හෙයින් රජුගේ සොහොයුරන් වන සදසිරු හා කිරිසිරු හා තවත්  දසදහසක් පිරිසද සමග  මලය රජු ඌරා ලුහු බැන්දේය.ඌරා පසු පස එළවා ආ පිරිස  මහනුවර හන්තාන කන්ද දක්වා ගෙන එනු ලැබීය. මලය රජු උරා අල්ලා ගත් අවසානයේ ඌරාට කඩු පහරින් පනින විට ඌරා ගල් විය මේ අවස්ථාවේ සක්දෙව් රජ පෙනී සිට මලය රජු මෙරටට ගෙන්වීමට හේතු සැලකර සිටිනු ලැබීය. පසුව මලය රජු පඬුවස්දෙව් රජු හමු වී කරුණු විමසා එතුමාගේ උයනේ විසිතුරු රගමඩල සාදවා හැටපස් මංගල්‍යයක් කොට රජුගේ සිත සතුටු කොට රෝගය නිවාරණය කළ බැව් කියවේ. එදා මෙදා තුර පැවති හැටපස් මංගල්‍යය කොහොඹා කංකාරිය නම් වේ. මෙම පුරාවෘත්තය සුළු වෙනස්කම් සහිතව කංකාරි උත්සවයේ පසුතලයට සම්බන්ධ වී පවති .
 

Image result for kohomba kankariya
    
 පැවැත්වන ආකාරය.............
දෙහි ගා ඉස සෝදා ස්නානය කොට ඇඳුම් ආයිත්තම් ඇඳ ගැනීමට දෙවියන්ගෙන් අවසර ගැනීම අඳුන්වනු ලබන හගල යැදීමෙන් මෙම කංකාරිය ආරම්භ වේ. ඉන් අනතුරුව සඟල ඇදීමෙන් වෙස් බැද ස්වර්ණාභරණයෙන් සැරසූ යක්දෙස්සන් රඟමඬලට පිවිසේ . අනතුරුව තුන්වන ජවනිකාව වන අස්න නැටීම  හෙවත් ආසන නැටුම සිදුකරනු ලබයි. කොහොබා කංකාරියෙ ඉතිහාසය කියා කියාපාන මෙය අතිශය වැදගත් අවස්ථාවක් වනුයේ කුවේණිය දරුවන් හා වනයේ අතරමං වූ පුවත කියාපාන හෙයිනි. අනතුරුව පිළිවෙළින් දළුමුර, ගුරුගේ මාලාව, යක්තුම් පදය, මාලප්පුව හා කෝල්පාඩුව,අවැන්දුම,වැද්දන් ගිවිස්සීම ,දැන පහ ,මලනැටීම ,තලය නැටීම ,යක්කම් පත ,කතපහ ඉදිරිපත් කරනු ලබයි . පැමිණි සියලු දෝෂාන්ධකාර දුරුු කරනු වස් අයිලය  ළඟ සිටුවා ඇති කෙසෙල්මුවයට විදීමෙන්  කරනුු ලබන මුවමල වීදීමෙන් කොහොඹා කංකාරිය යන යතුරු යාතුකර්මය අවසාන කරනු ලබයි. සිංහල පැය වලින්  මීට ගතවන කාලය පැය 60 ලෙස සැලකේ. සාමාන්‍යයෙන් සවස් යාමයේ පටන් ගනු ලබන මෙම කංකාරිය මුළු රැය පහන් වන තුරු දා පසුදා දහවල් වනතුරු ද පවතී. අනෙකුත් යාතුකර්ම  වල මෙන්ම කොහොඹා කංකාරිය සමාරෝපය, අනුකරනය , සංවාද වැනි නාට්‍ය ලක්ෂණ දැකිය හැකිය . 


 

No comments:

Post a Comment

වන්නම්

වන්නම්  යනු එක් එක් අප්‍රාණික හා සප්‍රාණික වස්තූන් පිළිබඳ වර්ණනා අන්තර්ගතවන මාතෘකාවට අදාල තාලයකිව් ගායනා කරන ගායනා විශේෂයකි. පසු කලෙ...